ඇමරිකාවේ පැරා මවූන්ට් නම් සමාගම විසින් ෆෝමනස් ස්ටුඩියෝ
ආයතනයේ නිපද වූ කාටූන් චිත‍්‍ර පටියකි කැස්පර්. මෙය අධ්‍යක්‍ෂණය කරනු
ලැබූවේ ස්පා(ර)බ(ර්) සහ සේටෝ ක්නෙයිටෙල් යන දෙනාය කැස්පර් හි රූපවාහනී තිර
රචනය කරනු ලැබූවේ ජෝ ඔරිඔලෝ සහ සයිරිත් යන දෙදෙනාය.එසේම කැස්පර්ට සජීවී
බවක් එකතු කරමින් ඊට හඩ කවනු ලැබූවේ ෆෑන්ක් ගැලොප් ය.කැස්පර් හෙවත්
සූමිතුරු භූතයා මූලින්ම දක්නට ලැබූණේ 1945 දීය.ඒ “ෆවල් ට‍්‍රන්ස්” නම්
කාටුනයත් සමගය. “ෆවල් ට‍්‍රන්ස්” කාටුන ප‍්‍රචාරය වීමත් සමඟ ලොව පුරා සිටින
කාටුන් රසවතුන් මේ පිළිබඳව සොයා බලන්නට විය. මක් නිසාද යත් කැස්පර් යනු
භූතයකු නිසාය.කැස්පර් ඈත ලොවකින් මිනිස් ලොවට පැමිණියද ලොකු පොඩි සියලු
දෙනාම මොහුට බිය වෙති.ඒ ඔහු භූතයකු වූ නිසාය.එහෙත් කැස්පර් මිනිසුන්ගේ දුකට
පිහිට වන අතර ඔහු ඉතා කරුණාවන්ත අයෙක් ද වේ. මේ නිසා පසුව සියලු
දෙනාම කැස්පර්ට කැමැත්තක් දක්වන අතර ඔහුගේ උදව් උපකාරද බලාපොරොත්තු වේ.
“කැස්පර්” කාටුන් මාලාව පුරාම විවිධ අවස්ථාවල සිදු කරන වීර කි‍්‍රයා
නිරූපනය වේ.පසු කලෙක කැස්පර් කාටුනයට තවත් චරිත කිහිපයක් එකතු විය. ඒ
හොඳ පොඩි යක්දෙස්සී wendy the good little witch හොල්මන් Nightmere rhe
ghost hores සහ ඉතා දුෂ්ඨ හොල්මන් තුන් තට්ටුව the villainous ghostly trio
චරිතයි. 1940 දශකය අවසන් වන විට threr s good boos tonight සහ a
haunting we will go ආදී කාටුන් කතා ඉතා ජනප‍්‍රිය විය. the friendly
ghost හෙවත් සුමිතුරු භූතයා නමින් නිර්මාණය වූ කැස්පර් මෙසේ නොයෙක් කතා
මාලාවන් තුළින් නැවත නැවතත් ඉදිරි පත්වූයේ එහි ඇති ජනපි‍්‍රය තාවය
නිසාය.කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් මෙය නිර්මාණය වූවද එහි ඇති නිර්මාණශීලී
බව නිසා වැඩි හිටියන් අතර ද මෙම කාටුනය ප‍්‍රචලිත විය.එහි ප‍්‍රථිපලයක්
ලෙසට 1950 දශකයෙන් පසුව මෙය පොතක් ලෙසද චිත‍්‍රපටියක් ලෙසටද දැක ගැනීමට
හැකි විය. ඒ අනුව පැරාමවුන්ට් සමාගම මෙම කාටුනය හාර්වේ නම් සමාගමකට පැවරීය.
එහිදී harvey toons(හාර්වේටූන්ස්) ලෙස ලේබල් වී රූපවාහිනි යේ එක දිගට කතා
මාලාවෙක් ලෙස මෙය ප‍්‍රචාරය විය.එපමණක් නොව කැස්පර් හි ජනප‍්‍රියත්වය නිසාම
“කැස්පර් රූපය” සහිත වී ෂර්ට්, වීදූරු කෝප්ප, බෑග්,මුදල් පසුම්බිය , සහ
චොක්ලට් පවා නිෂ්පාදනය වීමට විය. ලොව පුරා සිටින කැස්පර් රසික රසිකාවියන්
දිනකට මෙවැනි භාණ්ඩ මිලියන පහක් මිල දී ගන්නා බව වාර්තාවේ. සිඟිති සිනාවක්
ඇති කුඩා කැස්පර් ලොව පුරා සිටින කාටුන් හිතකාමින් පිනවමින් අදටත් විවිධ
රූපවාහිනී නාලිකාවල විකාශනය වේ. කැස්පර්, හෙවත් සූමිතුරු භූතයා හෙට දින ද
ලොකු - කුඩා හැම දෙනාගේම ආදරය දිනන කාටුන් චරිතයක් බවට පත් වී හමාරය.
බුද්ධිමතුන්ගේ අඩවිය....
11/19/2011
සූමිතුරු භූතයා
ලපිය ලියන්නේ
ප්රබුද්ධ
මේලාව
8:41 PM
0
ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න
Email This
BlogThis!
Share to X
Share to Facebook
ඔබේ හැකියාවට අපේන් ඉඩක්
ඔබත් කැමතිද ලියන්න...අපිත් එක්ක එකතු වේන්න...කවි පද..නිසදැස්..ගේය පද..කේටිකතා..ආදි ඕනෑම දේයක් ලියන්න..මේ සදහා ලියාපදිංචි වීමට ඔබේ ඊලිපිනය අපිට එවන්න.අපේ අඩවියට ලෝග් වේලා ඔබ ලියන ලිපි ඔබ විසින්ම පල කිරීමට අවස්තාව ලබා දේන්නේමු.
ඔබේ විස්තර අපිට එවන්න..අපේ ලිපිනය
cankasun@gmail.com
ලපිය ලියන්නේ
ප්රබුද්ධ
මේලාව
9:22 AM
0
ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න
Email This
BlogThis!
Share to X
Share to Facebook
11/17/2011
හෙළ කවියට පණදුන් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි
හෙළ කවියට පණදුන්
ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි
ටිබැට් හාමුදුරුවන් ගැන කිව යුතු දෑ බොහෝ ය. ආශාවෙන් සවන් දිය හැකි අපූරු කතා විලාසයක් උන්වහන්සේ සතුව පැවැතිණි. දැක්මට පිය උපදවන රූ සපුවකින් ද උන්වහන්සේ බැබලුණහ. ආරෝහ පරිණාහ සම්පතින් අනූන වූ උන්වහන්සේ දිවයිනේ අතිශයින් ජනප‍්‍රිය ධර්ම දේශකයාණ කෙනකු වශයෙන් ද සිත් දිනාගෙන සිටියහ.
ජීවිතයේ අවසාන භාගය පානදුර අළුබෝමුල්ලේ මහබෙල්ලන වීරගහ විහාරස්ථානයේ ගත කළ අන්දම අදමෙන් මතකය. මේ වනවිට දිවයිනේ ඉතාමත් ජනප‍්‍රිය ‘සිංහල’ කවියා ලෙස නමක් දිනාගෙන සිටි මහින්ද හාමුදුරුවන්ට ජාතික පුවත්පත්වලින් සහ සඟාවලින් සෑහෙන ප‍්‍රසිද්ධියක් ලබාදී තිබුණි. මහින්ද හිමියන්ගේ කවි ප‍්‍රබන්ධ හැකියාව විවිධ ක්‍ෂේත‍්‍රවල විහිදී ගිය එකකි.
ස්වාභාවික සෞන්දර්යයට ඇලුම් කළ මහින්ද හිමියෝ ජාත්‍යානුරාගය දනවන කවි ලිවීමට බෙහෙවින් ප‍්‍රිය කළහ. භක්තිකාව්‍ය ක්‍ෂේත‍්‍රයට දැක්වූ ඇල්ම ද එබඳුය. පරාධීන යුගයක ජීවත් වූ සිංහල මිනිසුන් අතර ජාතික හැඟීම් ජනිත කරලීමේ වෑයමක නිරත වී සිටි බවට සාධක වශයෙන් උන්වහන්සේ ගේ සම්පාදක කර්තෘත්වය යටතේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ ලංකාමාතා, නිදහසේ මන්ත‍්‍රය, නිදහසේ දැහැන යන කාව්‍යයන් ඉදිරිපත් කළ හැකිය. ඇත්තටම සිංහල මනුෂ්‍ය වර්ගයා අභ්‍යන්තර වශයෙන් ද බාහිර වශයෙන් ද පිරිහී සිටි යුගයකි. ඒ. ගුණ නුවණින් පිරිහෙන විට දිගු කලක් පවත්වාගෙන ආ සද්චාරිත‍්‍රධර්ම ගිලිහීයාම ස්වාභාවිකය. ‘සිංහල බෞද්ධ’ සංස්කෘතිය යුරෝපීය බටහිර සංස්කෘතිය විසින් ආක‍්‍රමණය කරනු ලැබීම නිසා බෞද්ධයන් වන අප අධ්‍යාත්මය විසින් ද විනාශ වූ බව ඇත්තය. එවැනි වකවානුවකදී මහින්ද හිමියන්ගේ පිබිදීම සිංහල බෞද්ධයන්ට අතිශයින් වැදගත් එකක් විය.
මහින්ද හිමියන් ජාතික කවියකු ලෙස පිළිගැණුනේ මේ පසුබිම යටතේය.
මහින්ද හිමියන් විසින් රචිත ‘ලංකා මාතා’ නම් වූ කාව්‍ය ග‍්‍රන්ථය කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති තරගයකට ඉදිරිපත් කළ නිර්මාණයකි. නව කවිබස් වහරක් යොදා ගනිමින් මේ අගනා කාව්‍යය ලියා හමාර කිරීමට මහින්ද හිමියන් ගත කළේ එකම එක රාති‍්‍රයක් පමණි.
එළිවී පහන් වන විට පොත ලියා අවසන් කර තිබිණි. මහින්ද හිමියන් සිය අතවැසි චන්ද්‍රදාස නැමැති අය ලවා මේ පොතේ කවි කියවා ඒවායේ වෘත්තය බිඳීම් ආදී ඇද පලුදු විමසා බලනු මට මතකය.
’ලංකා මාතා’ කවිපොත මුල සිට අවසානය දක්වා ම එකම රසගුලාවකි. මෙතෙක් අප සතුව තිබෙන වීරකාව්‍යය ද උපදේශ පුෂ්පය ද ‘ලංකා මාතා’ යයි මට සිතේ.
මේ කවිපොත ලිවීමේ කතුවරයාගේ අභිලාෂය වූයේ කුමක්දැයි පහත පෙනෙන කවියෙන් සිතාගත හැකිය.
තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!
ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!
හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!
පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා!
අපේ මිනිසුන් හා අපේ දේශය ගැන උපන් අනුරාගය කෙබඳුද යනු සිතා ගැනීමට ‘ලංකා මාතා’ කාව්‍යයෙන් උපුටාගත් පහත පළ කරන මේ කවි කීපය වුව ද ප‍්‍රමාණවත් ය.
බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
පුපුරන්නෙය කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති
සිංහල කොල්ලකු අය්යෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
දෙව්රජුනේ ලක රක්නා
ජාතික ආලෙහි ජීවනගා කිරි
දී වෙඬරූ රස දුන්නූ
මේ ලක ගොයි මහගේ සතු සම්පත
කොයිබද ඒ කිරි දෙන්නූ
කාමුක නීච සිරිත් පුරුදු කර
උන් මරලා ගිල දැම්මෝ
මේ එක දේම නොවේද අහෝ අද
ජාතික හානියෙ හේතු
ස්වභාවික සෞන්දර්යය වර්ණනාව සඳහා උන්වහන්සේ දැක්වූ කුසලතා සෙසු කවීන් අභිබවා ගිය බවත් පෙනෙන්නේ ඇතැම් රචනා කියවා බලන විටය.
නමුණුකුල සමන් පව් ආදි උස් පව් රදුන් හා
සුනිලබර වෙනෙන් හා ඒ මැදින් ආ ගඟන් හා
කලට හෙන පොදින් හා සෑම කල් දෙස් ගුණෙන් හා
ඉතිර ගිය බිමක් ඇත්නම් උතුම් ලක්බිමයි මේ
මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ
ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්
තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්
මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්
හිස පිදූ සඟබෝදි ආදි බෝසත් වරුන් ට ත්
ගැමුණු ද පැරකුම්බා - ඈ සටන් හී රජුන් ට ත්
ගුරුළු කුමරදසි හා රාහුලාදි කිවින් ට ත්
ජනිත සුර බිමක්වූ යේ උතුම් ලක්බිමයි මේ
සිළුමිණ පුවත්පත ආරම්භ කළ විට එහි මුල් පිටපත සඳහා සැපයුණු කවි පෙළක ඇතැම් කොටස් මට මතක හැටියට මෙසේ ය.
හොඳ නොහොඳ දැනෙන්ටත්
සෙත් සිරිත් දම් වැවෙන්ටත්
බියගුළුව නොඉන්ටත්
වීරයන් මෙන් නැගෙන්ටත්
විපතෙදි නො තැවෙන්ටත්
සම්පතින් මත් නොවෙන්ටත්
විජයසිරි සිඹින්ටත්
ජීවිතේ මං තැනෙන්ටත්
නිදහස හිමි වෙන්ටත්
ජාති ආලේ වැඩෙන්ටත්
සමඟිය ලියලන්ටත්
ඒ මඟින් ලෝ වැඩෙන්ටත්
කැමති අය සිටිත් නම්
සිංහලද්දීපයේ මේ
සිළුමිණ කියවත් වා
ආයුබෝවන් කියත් වා!
සිංහලයන් තුළ පිහිටිය යුතු ගුණදහම් ගැන - සමඟිය ගැන – චරියා දහම් ගැන මහින්ද හාමුදුරුවන් නිරන්තරයෙන් අදහස් පළ කළහ. ධනවාදී රාමුව අහිංසකයන් දුක් විඳි යුගයෙක ජීවත් වූ ටිබැට් ජාතික එස්.මහින්ද හිමියන් ඇතැම්විට කෝපයෙන් දිලිසී කතා කළ අවස්ථා ද විය. මේ එවන් අවස්ථාවක ලියූවකි.
කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ
මෑත යුගයේ මෙරට පහළ වූ දෑ හිතකාමීන් අතර එස්.මහින්ද හිමියන් අනාගත පරම්පරාව ඉදිරි කාලපරිච්ඡේදවලදී ආදරයෙන් සමරනු නිසැකය.
ලපිය ලියන්නේ
Chanaka Rathnayake
මේලාව
2:37 PM
2
ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න
Email This
BlogThis!
Share to X
Share to Facebook
11/04/2011
බුද්‍ධ ගද්‍යය
බළන්ගොඩ ආනන්දමෛත්රෙය ස්‍ථවිර
බුද්‍ධ ගද්‍යය
නමො බුද්‍ධාය
නමස්‍සමන්‍තභද්‍රාය
සර්‍වගොචරචක්‍ෂුෂෙ
කරුණාමෘතකල්‍ලොල
සන්‍ධවෙ සූර්‍ය්‍යබන්‍ධවෙ
2
සර්‍වගොචරචක්‍ෂුෂෙ
කරුණාමෘතකල්‍ලොල
සන්‍ධවෙ සූර්‍ය්‍යබන්‍ධවෙ
2
ජය ජය ධර්‍ම රාජ
ජනකෘත ශර්‍ම පූජ
අසදෘශ බුද්‍ධ ලීල
අතිපරිශුද්‍ධ ශීල
3
ජනකෘත ශර්‍ම පූජ
අසදෘශ බුද්‍ධ ලීල
අතිපරිශුද්‍ධ ශීල
3
ස්‍ඵුටිත ගභස්‍ති ජාල
බහුවිධවිශ්‍ව පාල
ජගති නිරස්‍ත දෝෂ
පශමිත ශස්‍ත වෙෂ
4
බහුවිධවිශ්‍ව පාල
ජගති නිරස්‍ත දෝෂ
පශමිත ශස්‍ත වෙෂ
4
රුචිර විමුක්ති භූෂ
මගධ විශිෂ්‍ට භාෂ
දණ්‍ඩිත බහු මාර
ඛණ්‍ඩිත භව භාර
5
මගධ විශිෂ්‍ට භාෂ
දණ්‍ඩිත බහු මාර
ඛණ්‍ඩිත භව භාර
5
මණ්‍ඩිත ශුභ ගාථ
පණ්‍ඩිත ජන නාථ
අඤ්‍චිත පද පාත
සඤ්‍චිත හිත ජාත
6
පණ්‍ඩිත ජන නාථ
අඤ්‍චිත පද පාත
සඤ්‍චිත හිත ජාත
6
සාරහරිවර ශයන
තාමරස නිභනයන
ලොකජන සුඛකරන
ලොලසුර නතවරණ
7
තාමරස නිභනයන
ලොකජන සුඛකරන
ලොලසුර නතවරණ
7
කාල ජය චතුර තර
ශීල ධර දිවස කර
බාල ජන කුමති හර
ආලවක දමන කර
8
ශීල ධර දිවස කර
බාල ජන කුමති හර
ආලවක දමන කර
8
සුර නර පූජනා යාර්‍ය්‍ය
බුධජන බොධනා වීර්‍ය්‍ය
පරහිත සාධනා කාර්‍ය්‍ය
ත්‍රිභුවන ශාසනා චාර්‍ය්‍ය
9
බුධජන බොධනා වීර්‍ය්‍ය
පරහිත සාධනා කාර්‍ය්‍ය
ත්‍රිභුවන ශාසනා චාර්‍ය්‍ය
9
යඥා දීශ ගුණ ප්‍රණතිඥ
විඥා ධාර වරස්ඵුටවිඥ
ආඥානාරි බල ප්‍රහරඥ
ප්‍රඥා ධාන මහත් ෂඩභිඥ
10
විඥා ධාර වරස්ඵුටවිඥ
ආඥානාරි බල ප්‍රහරඥ
ප්‍රඥා ධාන මහත් ෂඩභිඥ
10
ධිෂණාමය සාර සායක
විපදාකුල හෙතු හායක
අජරාමර භූති දායක
සචරාචර ලොක නායක
11
විපදාකුල හෙතු හායක
අජරාමර භූති දායක
සචරාචර ලොක නායක
11
දානවාරි පද්මා සනස්‍ථ
ධීරපූත චිත්‍රා සනස්‍ථ
වීතමොහ භද්‍රා සනස්‍ථ
බෝධිමූල වජ්‍රා සනස්‍ථ
12
ධීරපූත චිත්‍රා සනස්‍ථ
වීතමොහ භද්‍රා සනස්‍ථ
බෝධිමූල වජ්‍රා සනස්‍ථ
12
ප්‍රශ්‍රැත මෘදුවාචා චන්‍දන
නිඃශ්‍රැත සුර පූජා වින්‍දන
සුශ්‍රැත ජන මායා නන්‍දන
විශ්‍රැත කුල මායා නන්‍දන
13
නිඃශ්‍රැත සුර පූජා වින්‍දන
සුශ්‍රැත ජන මායා නන්‍දන
විශ්‍රැත කුල මායා නන්‍දන
13
ඉෂ්‍ට විනිෂ්‍ඨ සමුජ්‍ඣිත කොප
තුෂ්‍ට වරිෂ්‍ඨ විවර්ජිත තාප
ශිෂ්‍ට විශිෂ්‍ට විනිර්ජිත පාප
අෂ්‍ට චතුෂ්‍ටය ලක්‍ෂණ රූප
14
තුෂ්‍ට වරිෂ්‍ඨ විවර්ජිත තාප
ශිෂ්‍ට විශිෂ්‍ට විනිර්ජිත පාප
අෂ්‍ට චතුෂ්‍ටය ලක්‍ෂණ රූප
14
යොග්‍ය භාවගණනාහෘත සීම
භාග්‍යදාය ජනමොදන රාම
වාක්‍ය ලෙශ පරිශොෂිත කාම
ශාක්‍ය රාජකුල සාගර සොම
15
භාග්‍යදාය ජනමොදන රාම
වාක්‍ය ලෙශ පරිශොෂිත කාම
ශාක්‍ය රාජකුල සාගර සොම
15
ප්‍රෙරිත ශාසන නීති විශාල
ධාරිත බෝධි මනොහර මූල
වාරිත මාර වධූජන ලීල
පූරිත පාරමිතා දශ ශීල
16
ධාරිත බෝධි මනොහර මූල
වාරිත මාර වධූජන ලීල
පූරිත පාරමිතා දශ ශීල
16
කාමප්‍රභා තාර රොවිර් දිනෙශ
හෙමප්‍රභා ශොභමාන ප්‍රදෙශ
ශ්‍යාමප්‍රභා පූරණානර්‍ඝ කෙශ
ව්‍යාමප්‍රභා ලොක ලොක ප්‍රකාශ
17
හෙමප්‍රභා ශොභමාන ප්‍රදෙශ
ශ්‍යාමප්‍රභා පූරණානර්‍ඝ කෙශ
ව්‍යාමප්‍රභා ලොක ලොක ප්‍රකාශ
17
චීර්‍ණාඛිලඥාන යොගාර්ධි චන්‍ද්‍ර
පූර්‍ණාධරච්‍ඡෙදනෙරාර්‍ධ චන්‍ද්‍ර
පර්‍ණාගමඛ්‍යාත ධීරාර්‍ධ චන්‍ද්‍ර
ඌර්‍ණාරුචිච්‍ඡෙද බාලාර්‍ධ චන්‍ද්‍ර
18
පූර්‍ණාධරච්‍ඡෙදනෙරාර්‍ධ චන්‍ද්‍ර
පර්‍ණාගමඛ්‍යාත ධීරාර්‍ධ චන්‍ද්‍ර
ඌර්‍ණාරුචිච්‍ඡෙද බාලාර්‍ධ චන්‍ද්‍ර
18
කුම්‍භොදයා ධීශ විශ්‍වත්‍ය රාජ
දම්‍භොලි ශාලීශ විස්‍තුත්‍ය රාජ
අමෙභාධිනීකාශ සද්ධර්‍ම රාජ
ශම්‍භොධිවාගීශ සත්කර්‍ම රාජ
19
දම්‍භොලි ශාලීශ විස්‍තුත්‍ය රාජ
අමෙභාධිනීකාශ සද්ධර්‍ම රාජ
ශම්‍භොධිවාගීශ සත්කර්‍ම රාජ
19
නිකුඤ්‍චද් භවාදීනවාශෙෂ බුද්‍ධ
සදඤ්‍චද් ගුණාවෙශ ශීලාදි ශුද්‍ධ
විරිඤ්‍චද් ප්‍රභාභෙදශොභා ප්‍රසිද්‍ධ
උදඤ්‍චද් මහාකෙතු මාලානුබද්‍ධ
20
සදඤ්‍චද් ගුණාවෙශ ශීලාදි ශුද්‍ධ
විරිඤ්‍චද් ප්‍රභාභෙදශොභා ප්‍රසිද්‍ධ
උදඤ්‍චද් මහාකෙතු මාලානුබද්‍ධ
20
අනුසමය ශුභසාර භූෂණ
අතුලගුණධරවීත රොෂණ
අතිමලින බවරාග රොෂණ
අපරිමිත වර ශීල භූෂණ
21
අතුලගුණධරවීත රොෂණ
අතිමලින බවරාග රොෂණ
අපරිමිත වර ශීල භූෂණ
21
ප්‍රසූත ප්‍රහිත ප්‍රසව ප්‍රවල
ප්‍රථිත ප්‍රගුණ ප්‍රමද ප්‍රඵල
ප්‍රණත ප්‍රචුර ප්‍රභව ප්‍රදල
ප්‍රතත ප්‍රණය ප්‍රතිම ප්‍රබල
22
ප්‍රථිත ප්‍රගුණ ප්‍රමද ප්‍රඵල
ප්‍රණත ප්‍රචුර ප්‍රභව ප්‍රදල
ප්‍රතත ප්‍රණය ප්‍රතිම ප්‍රබල
22
නිස්‍තාරි විඛ්‍යාත විශ්‍වජන ශරණ
අස්‍නාරි සද්‍ධීර වෘන්‍ද ශිව කරණ
ශස්‍තාරි සත්‍ත්‍යාග සිද්‍ධකර වරණ
විස්‍තාරි ෂඩ්භෙද වර්‍ණ වර කිරණ
23
අස්‍නාරි සද්‍ධීර වෘන්‍ද ශිව කරණ
ශස්‍තාරි සත්‍ත්‍යාග සිද්‍ධකර වරණ
විස්‍තාරි ෂඩ්භෙද වර්‍ණ වර කිරණ
23
ව්‍යක්‍තිකර වින්‍යාස සාධුජන සඞ්‍ග
භක්‍තිහර සම්‍මානනාදි මධු භෘඞ්‍ග
භක්‍තිධර සංසාර භෙද රණ රඞ්‍ග
මුක්‍තිපුර කල්‍යාණ මොද මුනි තුඞ්‍ග
24
භක්‍තිහර සම්‍මානනාදි මධු භෘඞ්‍ග
භක්‍තිධර සංසාර භෙද රණ රඞ්‍ග
මුක්‍තිපුර කල්‍යාණ මොද මුනි තුඞ්‍ග
24
සරසිජ නිඃශ්‍රැත විරචිත තන්‍ත්‍ර
සිපදි තිරස්කෘත භව භය යන්‍ත්‍ර
බුධජන ශික්‍ෂිත බහුවිධ තන්‍ත්‍ර
ත්‍රිභුවන විශ්‍රැත නවගුණ මන්‍ත්‍ර
25
සිපදි තිරස්කෘත භව භය යන්‍ත්‍ර
බුධජන ශික්‍ෂිත බහුවිධ තන්‍ත්‍ර
ත්‍රිභුවන විශ්‍රැත නවගුණ මන්‍ත්‍ර
25
බහුලොල කථනීය රාවාධි රාව
ගුණ ශීල කරණීය සෙවාධි සෙව
අවිපාක රමණීය භාවාධි භාව
ජගදෙක මහනීය දෙවාධි දෙව
26
ගුණ ශීල කරණීය සෙවාධි සෙව
අවිපාක රමණීය භාවාධි භාව
ජගදෙක මහනීය දෙවාධි දෙව
26
තපන ශශි ශිඛි මහස්‍සත්‍යාවබොධන
අනය කුල මය තපස්‍සත්‍යාවබොධන
අපිරිමිත ගුණ වචස්‍සත්‍යාවසාධන
සකල ජනහිත චතුස්‍සත්‍යාවබොධන
27
අනය කුල මය තපස්‍සත්‍යාවබොධන
අපිරිමිත ගුණ වචස්‍සත්‍යාවසාධන
සකල ජනහිත චතුස්‍සත්‍යාවබොධන
27
අගතිලක තලනර්‍ම චක්‍රප්‍රවර්ධන
සුගතිකර බහුකර්‍ම චක්‍රප්‍රවර්ධන
කුගතිමය භවකර්‍ම චක්‍රප්‍රමර්‍දන
ජගතිකෘත වරධර්‍ම චක්‍රප්‍රවර්‍තන
28
සුගතිකර බහුකර්‍ම චක්‍රප්‍රවර්ධන
කුගතිමය භවකර්‍ම චක්‍රප්‍රමර්‍දන
ජගතිකෘත වරධර්‍ම චක්‍රප්‍රවර්‍තන
28
සිද්‍ධාගම සද්‍භාවන විඥාපිත පාක
බුද්‍ධාගම විඛ්‍යාපන විඥාපිත නාක
ශුද්‍ධාගම විස්ඵාරණ විධ්‍මාපිත ශොක
ඍද්‍ධාගම විස්‍තාරණ විස්‍මාපිත ලොක
29
බුද්‍ධාගම විඛ්‍යාපන විඥාපිත නාක
ශුද්‍ධාගම විස්ඵාරණ විධ්‍මාපිත ශොක
ඍද්‍ධාගම විස්‍තාරණ විස්‍මාපිත ලොක
29
මෘත්‍ස මෘන්‍මයාන්නපාත්‍ර ලබ්ධ දේවතාඤ්‍චන
වත්‍සලත්‍ව ධාමගාත්‍ර ලුප්ත ශොභකාඤ්‍චන
උත්‍ස බෘන්‍ද ගීත මඤ්‍ජු චිත්‍රජාතිවාඤ්‍ජන
සත්‍සමන්‍තකූට ශෘඞ්‍ග දත්‍තපාදලාඤ්‍ඡන
30
වත්‍සලත්‍ව ධාමගාත්‍ර ලුප්ත ශොභකාඤ්‍චන
උත්‍ස බෘන්‍ද ගීත මඤ්‍ජු චිත්‍රජාතිවාඤ්‍ජන
සත්‍සමන්‍තකූට ශෘඞ්‍ග දත්‍තපාදලාඤ්‍ඡන
30
ප්‍රථිත චරිත සඞ්‍ගගීති වීතකදන
අමිත විමල ධර්‍මශීල නීතිසදන
බහල ධවල පුඤ්‍ජහාරි චාරුරදන
ශිශිර කිරණ මණ්‍ඩලාභිරාම වදන
31
අමිත විමල ධර්‍මශීල නීතිසදන
බහල ධවල පුඤ්‍ජහාරි චාරුරදන
ශිශිර කිරණ මණ්‍ඩලාභිරාම වදන
31
ජාතදිවසීය මහ මොදිත පිතා මහ
වීතමල ලොක හිත පූතකුසලා වහ
බාහුබල ඝොර රණ මාරබල වීරහ
රාහුනය නාවිෂය පාදසර සීරුහ
32
වීතමල ලොක හිත පූතකුසලා වහ
බාහුබල ඝොර රණ මාරබල වීරහ
රාහුනය නාවිෂය පාදසර සීරුහ
32
ප්‍රෙම පූගසීම භූරිසොම සාර වාචන
හීම භාවහාම රාග නාම රූප සූදන
වාම දෙවනාම නාථභාම පාද රොධන
හෙම රාශිධාම චාරුනාම රූප ශොභන
33
හීම භාවහාම රාග නාම රූප සූදන
වාම දෙවනාම නාථභාම පාද රොධන
හෙම රාශිධාම චාරුනාම රූප ශොභන
33
වාද බද්‍ධ විස්‍ඵුරත් කුදෘෂ්‍ටි දෘෂ්‍ටි සඤ්‍චය
භෙද චිත්‍ත සම්‍භව ප්‍රපඤ්‍ච පත්‍ති සඤ්‍චය
පාදපද්‍ම සඤ්‍චරත් ප්‍රඵුල්‍ල පද්‍ම සඤ්‍චය
වේද සිද්‍ධ ශෙමුෂි ප්‍රභඞ්‍ග වෙද සඤ්‍චය
34
භෙද චිත්‍ත සම්‍භව ප්‍රපඤ්‍ච පත්‍ති සඤ්‍චය
පාදපද්‍ම සඤ්‍චරත් ප්‍රඵුල්‍ල පද්‍ම සඤ්‍චය
වේද සිද්‍ධ ශෙමුෂි ප්‍රභඞ්‍ග වෙද සඤ්‍චය
34
අඛිල ලොක පූජිත ප්‍රහිත සර්‍ව ශොචන
සකල තාප වෙදන ප්‍රභව සඞ්‍ග මොචන
මධුර සාර ශීතල ප්‍රභව භව්‍ය වාචන
නිරවශෙෂ ගොචර ප්‍රතත බුද්‍ධි ලොචන
35
සකල තාප වෙදන ප්‍රභව සඞ්‍ග මොචන
මධුර සාර ශීතල ප්‍රභව භව්‍ය වාචන
නිරවශෙෂ ගොචර ප්‍රතත බුද්‍ධි ලොචන
35
කිරණනිවහ ප්‍රමණ්‍ඩිත විතත පුෂ්‍කර
කලුෂහරණ ස්ඵුරන්නව ලලිත පුෂ්‍කර
ගමන සමය ස්‍වයන්නව දලිත පුෂ්‍කර
සකල භුවන ප්‍රියඞ්‍කර වරණ පුෂ්‍කර
36
කලුෂහරණ ස්ඵුරන්නව ලලිත පුෂ්‍කර
ගමන සමය ස්‍වයන්නව දලිත පුෂ්‍කර
සකල භුවන ප්‍රියඞ්‍කර වරණ පුෂ්‍කර
36
නිත්‍ය පෙශල නිත්‍ය දක්‍ෂිණ නිත්‍ය භාව තථාගත
නිත්‍ය භාසුර නිත්‍ය දෙශිත නිත්‍ය භාව තථාගත
නිත්‍ය විස්‍මය නිත්‍ය වත්‍සල නිත්‍ය මොද තථාගත
නිත්‍ය මඞ්‍ගල නිත්‍ය සුන්‍දර නිත්‍ය පූජ්‍ය තථාගත
37
නිත්‍ය භාසුර නිත්‍ය දෙශිත නිත්‍ය භාව තථාගත
නිත්‍ය විස්‍මය නිත්‍ය වත්‍සල නිත්‍ය මොද තථාගත
නිත්‍ය මඞ්‍ගල නිත්‍ය සුන්‍දර නිත්‍ය පූජ්‍ය තථාගත
37
ත්‍රිවිධ ශුභ චලනචර ජලජනිභ යුගල
විනය මය විවිධමනු ශමිතදුරි තගල
මුථිත බහු විෂය භර හරිත භව නිගල
ප්‍රණත සුර මුකුට මණි ඝටිත පද යුගල
38
විනය මය විවිධමනු ශමිතදුරි තගල
මුථිත බහු විෂය භර හරිත භව නිගල
ප්‍රණත සුර මුකුට මණි ඝටිත පද යුගල
38
හෙලා විරචිත දෝලාසිතජන මූලාගමවිධි දීපනාවාට
හාලා හල නිභ ශාලාභවසුඛ ලීලාවිදලන ශාසනඣාට
බාලා නය මති ජාලාදරහර ශීලා යුධ ධර වාරිදකූට
කෝලා හල කර නාලාගිරිගජ කාලාකෘතිමද වෙගවිඝාට
39
හාලා හල නිභ ශාලාභවසුඛ ලීලාවිදලන ශාසනඣාට
බාලා නය මති ජාලාදරහර ශීලා යුධ ධර වාරිදකූට
කෝලා හල කර නාලාගිරිගජ කාලාකෘතිමද වෙගවිඝාට
39
වන මුදිත විස්‍පෂ්‍ට මධුරතර නාද
ජන හෘදය මද්‍ධ්‍යස්‍ථ කමල මෘදු පාද
විනය බල විච්‍ඡින්න දුරිත කුල භෙද
අනවරත සද්‍ධර්‍ම විතරණ විනොද
40
ජන හෘදය මද්‍ධ්‍යස්‍ථ කමල මෘදු පාද
විනය බල විච්‍ඡින්න දුරිත කුල භෙද
අනවරත සද්‍ධර්‍ම විතරණ විනොද
40
අරුණ පදතල සකල විෂයක විමල දශවිධ මතිබල
කරුණ ජල නිධි ලහරි පරිකර සතත කුශලිත මහිතල
විශද දිනමණි කිරණ විකශිත කමල මෘදුතල කරතල
දශදිගු පගත සුරභිකුලවර වදන විකශිත පරිමල
41
කරුණ ජල නිධි ලහරි පරිකර සතත කුශලිත මහිතල
විශද දිනමණි කිරණ විකශිත කමල මෘදුතල කරතල
දශදිගු පගත සුරභිකුලවර වදන විකශිත පරිමල
41
අනඝමති මනොඥං ධර්‍මරාජස්‍ය ගද්‍යං
ලිඛති පඨති යොවා සාදරං යඃ ශ්‍රැණොති
ත්‍රිභුවන භවනාන්‍තං ප්‍රාප්‍ය භොගානශෙෂා
තනුභවති ස නිත්‍යං ශාන්‍ත නිර්‍වාණ සෞඛ්‍යම්
බුද්‍ධගද්‍යය නිමි.ලිඛති පඨති යොවා සාදරං යඃ ශ්‍රැණොති
ත්‍රිභුවන භවනාන්‍තං ප්‍රාප්‍ය භොගානශෙෂා
තනුභවති ස නිත්‍යං ශාන්‍ත නිර්‍වාණ සෞඛ්‍යම්
ලපිය ලියන්නේ
ප්රබුද්ධ
මේලාව
4:44 PM
0
ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න
Email This
BlogThis!
Share to X
Share to Facebook
11/03/2011
මඟුල් ලකුණ
බළන්ගොඩ ආනන්දමෛත්රෙය ස්‍ථවිර
මඟුල් ලකුණ
ස්‍වස්‍තික දෙකයසිරිවස දෙකය
නදවට දෙකය
සෝවැති දෙකය
අවතංස දෙකය
වර්‍ධමාන දෙකය
භද්‍රපීඨ දෙකය
ප්‍රාසාද දෙකය
තෝරණ දෙකය
ශ්‍වේතඡත්‍ර දෙකය
ඛඩ්ග දෙකය
තාලවෘන්‍ත දෙකය
මයුරහස්‍ත දෙකය
චාමර දෙකය
උෂ්‍ණීෂ දෙකය
මණි දෙකය
සුමනදාම දෙකය
නීලෝත්පල දෙකය
රක්‍තෝත්පල දෙකය
රක්‍තපද්‍ම දෙකය
ශ්‍වේතෝත්පල දෙකය
ශ්වේතපද්‍ම දෙකය
පුන්කළස් දෙකය
පූර්‍ණ පාත්‍ර දෙකය
සමුද්‍ර දෙකය
චක්‍රවාට පර්‍වත දෙකය
හිමවත් පර්‍වත දෙකය
මහාමේරු පර්‍වත දෙකය
සූර්‍ය්‍යමණ්‍ඩල දෙකය
චන්‍ද්‍රමණ්‍ඩල දෙකය
සපරිවාර සතර මහා ද්‍වීප දෙකය
සපරිවාර සප්ත රත්න දෙකය
චක්‍රවර්ති රාජයෝ දෙ දෙනාය
දක්‍ෂිණාවෘත්‍ත ශ්වේතශංඛ දෙකය
සවර්‍ණ මත්‍ස්‍යයුගල දෙකය
චක්‍රායුධ දෙ කය
සප්ත මහා ගංගා දෙකය
සප්ත මහා සීදන්‍තසාගර දෙකය
සප්ත මහා ශෛල දෙකය
සප්ත මහා තටාක දෙකය
සුපර්‍ණ රාජයෝ දෙ දෙනාය
සුංසුමාර රාජයෝ දෙ දෙනාය
ධ්‍වජ දෙකය
පතාකා දෙකය
සවර්‍ණ පර්‍වත දෙකය
සවර්‍ණ වාල විජනි දෙකය
කෛලාශ පර්‍වත දෙකය
සිංහරාජයෝ දෙ දෙනාය
ව්‍යාඝ්‍රරාජයෝ දෙ දෙනාය
වලාහක අශ්‍වරාජයෝ දෙ දෙනාය
උපෝසථ හස්‍ති රාජයෝ දෙ දෙනාය
වාසුකී නාගරජයෝ දෙ දෙනාය
හංස රාජයෝ දෙ දෙනාය
වෘෂභ රාජයෝ දෙ දෙනාය
ඓරාවන හස්‍ති රාජයෝ දෙ දෙනාය
ස්‍වර්‍ණ මකර රාජයෝ දෙ දෙනාය
චතුර්‍මුඛ ස්‍වර්‍ණ නෞකා දෙකය
වත්‍සක ධෙනුහු දෙ දෙනාය
කිම්පුරුෂයෝ දෙ දෙනාය
කින්නරාඞ්‍ගනාවෝ දෙ දෙනාය
කුරවීක රාජයෝ දෙ දෙනාය
මයුර රාජයෝ දෙ දෙනාය
ක්‍රෞංච රාජයෝ දෙ දෙනාය
චක්‍රවාක රාජයෝ දෙ දෙනාය
ජීවං ජීවක රාජයෝ දෙ දෙනාය
ෂඩ්‍විධ දිව්‍යලෝක දෙකය
ෂෝඩෂවිධ බ්‍රහ්මලෝක දෙකය
යනාදි දෙසිය සොළසක් මඞ්‍ගල ලක්‍ෂණයෝ බුදුරජුන්ගේ ශ්‍රීපාදතලයෙහි පිහිටා ඇත්හ.
මඟුල් ලකුණ නිමි.
ලපිය ලියන්නේ
ප්රබුද්ධ
මේලාව
7:31 PM
0
ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න
Email This
BlogThis!
Share to X
Share to Facebook
Subscribe to:
Posts (Atom)