11/19/2011

සූමිතුරු භූතයා


ඇමරිකාවේ පැරා   මවූන්ට් නම් සමාගම විසින් ෆෝමනස් ස්ටුඩියෝ ආයතනයේ නිපද වූ කාටූන් චිත‍්‍ර පටියකි කැස්පර්. මෙය අධ්‍යක්‍ෂණය කරනු ලැබූවේ ස්පා(ර)බ(ර්) සහ සේටෝ ක්නෙයිටෙල් යන දෙනාය කැස්පර් හි රූපවාහනී තිර රචනය කරනු ලැබූවේ ජෝ ඔරිඔලෝ සහ සයිරිත් යන දෙදෙනාය.එසේම කැස්පර්ට සජීවී බවක් එකතු කරමින් ඊට හඩ කවනු ලැබූවේ ෆෑන්ක් ගැලොප් ය.කැස්පර් හෙවත් සූමිතුරු භූතයා මූලින්ම දක්නට ලැබූණේ 1945 දීය.ඒ “ෆවල් ට‍්‍රන්ස්” නම් කාටුනයත් සමගය. “ෆවල් ට‍්‍රන්ස්” කාටුන ප‍්‍රචාරය වීමත් සමඟ ලොව පුරා සිටින කාටුන් රසවතුන් මේ පිළිබඳව සොයා බලන්නට විය. මක් නිසාද යත් කැස්පර් යනු භූතයකු නිසාය.කැස්පර් ඈත ලොවකින් මිනිස් ලොවට පැමිණියද ලොකු පොඩි සියලු දෙනාම මොහුට බිය වෙති.ඒ ඔහු භූතයකු වූ නිසාය.එහෙත් කැස්පර් මිනිසුන්ගේ දුකට පිහිට වන අතර ඔහු ඉතා කරුණාවන්ත අයෙක් ද වේ. මේ නිසා පසුව      සියලු දෙනාම  කැස්පර්ට කැමැත්තක් දක්වන අතර ඔහුගේ උදව් උපකාරද බලාපොරොත්තු වේ. “කැස්පර්” කාටුන් මාලාව පුරාම විවිධ අවස්ථාවල සිදු කරන වීර කි‍්‍රයා නිරූපනය වේ.පසු කලෙක      කැස්පර් කාටුනයට තවත් චරිත කිහිපයක් එකතු විය.  ඒ හොඳ පොඩි  යක්දෙස්සී wendy the good little witch හොල්මන් Nightmere rhe ghost hores සහ ඉතා දුෂ්ඨ හොල්මන් තුන් තට්ටුව the villainous ghostly trio චරිතයි. 1940 දශකය අවසන් වන විට  threr s good boos tonight සහ a haunting we will go  ආදී කාටුන් කතා ඉතා ජනප‍්‍රිය විය.  the friendly ghost හෙවත් සුමිතුරු භූතයා නමින් නිර්මාණය වූ කැස්පර් මෙසේ නොයෙක් කතා මාලාවන් තුළින් නැවත නැවතත් ඉදිරි පත්වූයේ එහි ඇති ජනපි‍්‍රය තාවය නිසාය.කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් මෙය නිර්මාණය වූවද එහි ඇති නිර්මාණශීලී බව නිසා වැඩි හිටියන් අතර ද මෙම කාටුනය ප‍්‍රචලිත විය.එහි ප‍්‍රථිපලයක් ලෙසට 1950 දශකයෙන් පසුව මෙය පොතක් ලෙසද චිත‍්‍රපටියක් ලෙසටද දැක ගැනීමට හැකි විය. ඒ අනුව පැරාමවුන්ට් සමාගම මෙම කාටුනය හාර්වේ නම් සමාගමකට පැවරීය. එහිදී harvey toons(හාර්වේටූන්ස්) ලෙස ලේබල් වී රූපවාහිනි යේ එක දිගට කතා මාලාවෙක් ලෙස මෙය ප‍්‍රචාරය විය.එපමණක් නොව කැස්පර් හි ජනප‍්‍රියත්වය නිසාම “කැස්පර් රූපය” සහිත වී ෂර්ට්, වීදූරු කෝප්ප, බෑග්,මුදල් පසුම්බිය , සහ චොක්ලට් පවා නිෂ්පාදනය වීමට විය.  ලොව පුරා සිටින කැස්පර් රසික රසිකාවියන් දිනකට මෙවැනි භාණ්ඩ මිලියන පහක් මිල දී ගන්නා බව වාර්තාවේ. සිඟිති සිනාවක් ඇති කුඩා කැස්පර් ලොව පුරා සිටින කාටුන් හිතකාමින් පිනවමින් අදටත් විවිධ රූපවාහිනී නාලිකාවල විකාශනය වේ. කැස්පර්, හෙවත් සූමිතුරු භූතයා හෙට දින ද ලොකු - කුඩා හැම දෙනාගේම ආදරය දිනන කාටුන් චරිතයක් බවට පත් වී හමාරය.

0 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Post a Comment