10/31/2011

ති‍්‍රමාණ ‘ටින් ටින්’දෙසැම්බරයේ එළියට

ති‍්‍රමාණ ‘ටින් ටින්’දෙසැම්බරයේ එළියට


ඊ-තැපැලමුද්‍රණයපී.ඩී.එෆ් (PDF)
‘ටින් ටින්ගේ වීර ක‍්‍රියා’ ති‍්‍රමාණ චිත‍්‍රපටයක් ලෙසින් ලබන දෙසැම්බරයේදී පේ‍්‍රක්ෂකයින් අතරට පැමිණීමට නියමිතය.

වසර 80කට වඩා පැරණි ළමා කාටුන් කතා මාලාවක් වූ ‘ටින් ටින්ගේ වීර ක‍්‍රියා’ ති‍්‍රමාන රුවට නැගීමට මුල්වී ඇත්තේ ස්ටීවන් ස්පිල්බර්ග්ය.

ටින් ටින් ත‍්‍රිමාණ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයවන තරුණ වාර්තාකරුවාගේ චරිතය වන ටින් ටින්ගේ චරිතය, නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය වීම ද විශේෂිතය.

ජැමී බෙල් නම් වූ නළුවා විසින් ටින් ටින් චරිතයට අදාළව සියලූ ත‍්‍රිමාණ චලනයන් හා හඬ කැවීම් මෙම චිත‍්‍රපටය සඳහා ලබා දී තිබේ.
ජෝසප් හර්ජ් අතින් 1929 වසරේ දී නිමවුණු ටින් ටින් චිත‍්‍ර කතාමාලාව ලොකු කුඩා සියල්ලන් අතර ජනප‍්‍රියත්වයට පත්වූවකි.

ටින් ටින් කාටුන් පොත හා කාටුන් චිත‍්‍රපට පෙළට ඇළුම් නොකරන පොඩිත්තෙක් ලොව පුරා සොයා ගැනීම අපහසු බව පැවසීම වරක්නොවේ.

එහෙයින් නව මුහුණුවරකින් එළි දකින ති‍්‍රමාණ ටින් ටින්ගේ වීරක‍්‍රියා ද ලොවපුරා පේ‍්‍රක්ෂකයින් අතර ජනපි‍්‍රයවනු ඇතැයි චිත‍්‍රපටයේනිර්මාණකරුවන් විශ්වාසය පළ කර සිටියි.
http://www.dawn.com/wp-content/uploads/2011/10/Belgium-Tintin-Movie-AP-543.jpg

0 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Post a Comment