10/31/2011

කුස පබා ආරම්භ කරන විට පූජා සිනමාවෙන් සමු අරන්

කුස පබා ආරම්භ කරන විට පූජා සිනමාවෙන් සමු අරන්


ඊ-තැපැලමුද්‍රණයපී.ඩී.එෆ් (PDF)
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ  වසර 05 කට පසු  සිය නවතම චිත‍්‍රපටය වූ කුස - පබා රූගතකිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ.

මේ කුස -  පබා පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියත්නයන් සමග ශ‍්‍රී ලංකා මිරර්  කළ සම්මුඛ සාකඡාවකි.




කුස- පබා  ඉතිහාසයේ කුමන කාල පරාසයට අයිතිද?
  
මේක ඉතිහාසයේ කොතනකටවත් අයිති නෑජාතක කතා ඓතිහාසික සාධක සහිතව ඔප්පු කරනකාලවකවානුවක සිදුවීම් නෙමේ.  බුදුන් වහන්සේගේ ශ‍්‍රී මුඛ දේශනාවක් හැටියට බෞද්ධ ජනතාවපිළිගත්තත් අනෙක් මතය තමා ලෝ පුරා ප‍්‍රචලිත වූ ජාතක කතා මේ බුදුන්වහන්සේගේ පූර්ව භවයන් බවට පසුකාලයේදී පත් වූ බව.මෙබදු මතයක් ඉදිරිපත්වන්නේ 550ස් ජාතක පොතේ  අතුරු කතාවලට සමාන කතා රාමායනය මහාභාරතය වැනි හින්දු වීරකාව්‍යවලවාගේම ඊසොප්ගේ උපමා කතාවැනි කෘති අතරත් දකින්නට ලැබෙනවාකෙසේවෙතත්  ජාතක කතා පොත සියලූ මනුෂ්‍ය වර්ගයාගේසියලූ ආකාර වූ ආදරයවේදනාව ඊර්ෂ්‍යාව ලංකාමයජුගුප්සාව ආදී වූ සියලූ මනුෂ්‍ය හැගීම් කැටිකරගත් අති ශ්‍රේෂ්ඨ ග‍්‍රන්ථ රත්නයක්බව නම් නොකියාම බැහැ.

එහි එන චරිතවල අඩංගු නැති මිනිස් හැගීම් ලෝකයේ කොහෙවත් නැති තරම්සියලූ නිර්මාණකරුවන් ජාතක පොතෙන් ලබාගෙන ඇතිආභාෂය දැවැන්තයි. අපේ පැරැණි කවිපොත්  සියල්ලටම කතාවස්තු සැපයුනේ ජාතක පොතෙන්ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම නාට්‍යවේදියාවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කලාව පෝෂණය කළේ ජාතක පොතෙන්. ඇත්තෙන්ම කිව්වොත් ජාතක පොතෙන් ප‍්‍රයෝජන ගෙන නැත්තෙ සිනමාකරුවන් පමණයි.

කුස-පබා ට වස්තුවන්නේ කුස ජාතකය. මීට පෙර වෙස්සන්තර ජාතකය ඇසුරින් 60 දශකයේදී වෙසතුරු සිරිත නමින් සිනමාවට සිනමා නිර්මාණයක් නැගුනා.

ඔබගේ නිර්මාණ ක‍්‍රමිකව වෙනස් ඉසව් සොයායාම අහම්බයක්ද?
අහම්බයක් නෙමේ. මම කැමති විවිධ තේමාවන්  සහිත චිත‍්‍රපටි කරන්න. ඒ සදහා දැක්විය හැකි නිදසුනක් තියෙනවා ආචාර්ය තිස්ස අබේසේකරයන්ට උප්පලවන්නා කතාව ලියන්න ආරාධනා කළවිට ඔහු මට ලියාදුන්නේ දෙමළ ජනවාර්ගික ප‍්‍රශ්න ය සමග මිශ‍්‍ර වූමෙහෙණින් වහන්සේ නමක් පිළිබද කතාවක්. සරුංගලය චිත‍්‍රපටයෙන් පසු එබදු තේමාවකින්යුතු  චිත‍්‍රපටයක් කරන්නට මම කැමති වුනේ නැහැ. ඒ නිසා මම එය ඔහු ලවා වෙනස් කරගත්තා.

ඉතිහාස ප‍්‍රස්තුත සිනමාරූපීව ප‍්‍රතිනිර්මාණය කිරීම කොයිතරම් දුරට සාර්ථකද?

ඉතිහාසය යනු කතා භාණ්ඩාගාරයක්. ඒ භාණ්ඩාගාරයේ බොහෝ මිණිමුතු සපයා ගත හැකියි. ඉතිහාස කතාවලින් සිනමාවේ මුල් අදියරේදී සිනමා නිර්මාණකරණය කරමින්    අතිශය  වාණිජ සාර්ථකත්වයක් ලැබූ  චිත‍්‍රපටයක් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ  සංදේශය නිදසුනක් ලෙස දක්වන්න පුලුවන්. ඊළගට ජැක්සන්ගේ අබා. නමුත් ඉතිහාස කතාවක් පාදක කරගත් පමණින් චිත‍්‍රපට සාර්ථක වෙන්නෙ නැහැ. ඊටත් නිදසුන් ලෙස වෙසතුරු සිරිතල පටාචාරා, කුණ්ඩලකේශී, මද්දුමබණ්ඩාර විරපුරන් අප්පු වැනි සිනමා නිර්මාණ හදුන්වන්න පුලුවන්. සිනමාවට වඩා ඉතිහාස කතාවලින් ප‍්‍රයෝජන ගෙන ඇත්තේ නාට්‍යකරුවන්ග නීතිඥ ඡෝන් ද සිල්වාගේ නාට්‍යවළින් හරි අඩකටත් වඩා ඉතිහාස කතා ගකේ බී හේරත් වැනි පසුකාලීන නාට්‍යකරුවන් ද ඉතිහාසය තුළින් ප‍්‍රයෝජන ගත්තා. දෙවැනි මහින්ද දෝන කතරිනා වැනි නාට්‍ය ඊට නිදසුන්.
මේ රටේ බොහෝ හරවත් නිර්මාණකරුවන්ට නිර්මාණයක් කර බොහෝ කාලයක් බලා හි`දින්නට සිදුවීම සම්බන්ධව ඔබේ අදහස ?
අදනම් හරවත් නිර්මාණගැන කතා කිරීම පවා කනගාටුදායකයි. මේ වනවිට වශාල වශයෙන් චිත‍්‍රපට නිෂ්පාදනය වෙනවා. එහි කලාත්මක භාවය හෝ හරවත් භාවය ගැන තබා මූලික සිනමා තාක්‍ෂණය ගැන පවා කතාකිරීම කනගාටු දායකයි. අද බොහෝදෙනා කරන්නේ කිසිදු ප‍්‍රමිතියකින් කොර වීඩියෝ කැමරාවකින් චිත‍්‍රපට තනා සිනමාවට ආරෝපණය කර පෙන්වීම. මේවා තාක්‍ෂණික වශයෙන් ඉතා දුර්වලයි. මේවා අඩුමුදලට සිනමාවේ නාමයෙන් ඉදිරිපත්වන නිසරු කෘති . මෙබදු චිත‍්‍රපටවලින් සිනමාවටත් පේ‍්‍රක්‍ෂකයන්ටත් ප‍්‍රයෝජනයක් සිද්ධවෙන්නේ නෑ. අද බොහෝවිට චිත‍්‍රපට නරඹන්නන් බලාපොරොත්තු වන්නේ විනීතල ආශ්වාදයක් ගෙනදෙන සරල, එහෙත් සිනමාත්මක නිර්මාණ රසවිදීමටයි. 70හෝ 80ව දශකයේ දී මෙන් අතිශය කලාත්මක සිනමා නිර්මාණයකට තියෙන ඉඩකඩ අඩුයි. තවමත් එබදු චිත‍්‍රපට නිර්මාණය කොට වාණිජ සාර්ථකත්වයක් ලබා ගැනීමේ හැකියාව ඇත්තේ  ප‍්‍රසන්න විතානගේ අශෝක හදගම වැනිසිනමා නිර්මාණකරුවන් අතලොස්සකට පමණයි. අද සිංහල සිනමාවේ පවතින අර්බූදයවන්නේ ප‍්‍රමිථිගත චිත‍්‍රපට නොමැතිවීමයි.

මොකක්ද මේ නිෂ්පාදකවරුන්ගේ සංවිධානය?
ගතවූ කාලයේ සිනමා නිර්මාණ සංසදය නමින් සංවිධානයක් පිහිටවනු ලැබුවා. එම සිනමා සංවිධානයේ මෙරට සිටින ප‍්‍රවීණතම සිනමා අධ්‍යක්‍ෂකවරුන්ගෙන් සහ සිනමා නිෂ්පාදකවරුන්ගෙන්  සියයට 90ක් පමණ සිටිනවා. මෙම සිනමා සංසදයෙන් චිත‍්‍රපටයක් නිර්මාණය කරමුයි යන යෝජනාව සංසදයට ඉදිරිපත්කළේ සෝමරත්න දිසානායක.

මෙහිදී එම සංසදයෙන් 12දෙනෙක් මෙම චිත‍්‍රපටය සදහා මුදල් වියදම් කිරීමට ඉදිරිපත්වුනා ගඔවුන් තමන්ගේ කුලුදුල් නිර්මාණය ලෙස තෝරා ගත්තේ ආචාර්ය තිස්ස අබේසේකර 2008 දී රචනාකරණු ලැබ නිෂ්පාදකවරයෙක් නැතිකමින් මා ළග තිබූ කුස පබා තිරනාටකයයි.

ඇත්තෙන්ම මෙම නිෂ්පාදක මණ්ඩලයේ බලාපොරොත්තුව මෙම චිත‍්‍රපටය සදහා ආයෝජනය කරණු ලබන මුදල දිගින් දිගටම පවත්වාගෙන යමින් යම්යම් චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරුන් ගේ නිර්මාණ එළිදැක්වීමට ආයෝජනය කිරීමයි. සිනමාවේ පැවැත්මට සිනමා නිර්මාණ තිබිය යුතුය යන්න ඔවුන්ගේ විශ්වාසයයි.  ඒ සදහා වසරකට 1ක් සිනමා නිර්මාණයක ට හෝ දායක වීමයි සංසදයේ  අරමුණ.
රාජ්‍ය අනුග‍්‍රහයක් මේකට තියෙනව නේද?

මෙම සිනමා සංසදය ආණ්ඩුවේ අතකොලුවක් නෙමේග මෙහි විවිධ දේශපාලන අදහස් දරණ අය ඉන්නවාගඔවුන්ගේ උත්සාහය සිනමාව රැකගැනීම උදෙසා යම් යම් යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රෙෂර් ගෲප් එකක් හැටියට ක‍්‍රියාත්මක වීමයි ගචිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රධානත්වයෙන් චිත‍්‍රපට බෙදාහැරීමේදී නිෂ්පාදකවරයාට සිදුවන අසාධාරණයෙන් ඔවුන් බේරා ගැනීමට මේ වනවිට සාකච්ඡා පවත්වාගෙන යමින් සිටිනවා. චිත‍්‍රපටයක් කොයිතරම් ආදායම් වාර්තා පිහිටුවත් නිෂ්පාදකවරයාට ලැබෙන මුදල ප‍්‍රමාණවත් නොවන බවයි  සංසදයේ අදහස ගමේ නිසා අද වනවිට විශාල ආදායම් වාර්ථා තැබූ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරුන් පවා දෙවැනි නිර්මාණයක් වෙත නොයෑමේ තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

මේ තත්ත්වය වෙනස් කිරීමට චිත‍්‍රපට සංස්තාවේ මුළිකත්වයෙන් චිත‍්‍රපට බෙදාහරින්නන්, ප‍්‍රදර්ශනය කරන්නන්, සිනමාශාලා හිමියන් සමග මේ වනවිට සාකච්ඡා ආරම්භකොට තිබෙනවා
පූජා නැතිනම් ඔබගේ පබා කවුරුන් විය හැකිව තිබුනද?
පූජා නැත්තම් පබා කෙනෙක් ගැන මට හිතුනෙම නෑ. තිස්ස සමග තිරනාටකය ගැන කතාකරණ කාලේ පටන්ම පූජා ලබාගතයුතුයි යන අදහස මා තුළ තිබුනා. නමුත් අවාසනාවකට චිත‍්‍රපටය ආරම්භකරන්නට යනවිට පූජා සිනමාවෙන් සමුගෙන අවසන්ග පසුව චිත‍්‍රපට නිෂ්පාදක ධම්මික සිරිවර්ධන,  ප‍්‍රසන්න විතානගේ සහ මේ චිත‍්‍රපටයේ රේඛීය නිෂ්පාදිකා රේණුකා බාලසූරියගෙ බලවත් උනන්දුව නිසාමේ චිත‍්‍රපටයේ පමණක් රගපාන්න පූජා කැමතිවුනා.

මා ඇයගේ දක්‍ෂතා දුටුවෙ සිංහල චිත‍්‍රපටවලදි පමණක් නොවේ. ඇයට සමිමාන පවා හිමිකරදුන්  නාන් කඩවුල් නැමැති දෙමළ චිත‍්‍රපටයේයි. ඒ සිනමා පටය මරදාන සිනෙසිටිහි නරඹද්දි පූජා කෙසේ හෝ මෙම නිර්මාණය සදහා සම්බන්ධ කරගතයුතුයැයි  මට සිතුනා.
රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් ගේ හිග බව මෙරට අර්භූදයක් බවට පත්ව තිබෙන හේතුව මොකක් ද?

අද තරම් නළු නිළියන් ගහන සුලබ වූ කාලයක් කලා ක්‍ෂෙත‍්‍රයේ නැහැ. ටෙලි නාට්‍ය ඔස්සේ නළු නිළියන් විශාල පිරිසක් බිහිවී තිබෙනවා ගඔවුන් බොහෝ  දෙනා  ඉතාම සුන්දර යුවතියන්. ප‍්‍රශ්නය තියෙන්නෙ රගපෑම සම්බන්ධයෙන්. මේ ගැන ඔවුන්ට දොස් නැගීම වැරදියි. රූපවාහිනී නාට්‍ය වාණිජත්වයට හසුවී ඇති තරම ගැන බලනවිට ඔවුන්ට රගපාන්න නිසි චරිත නැහැ. චරිත තිබුනත් ඒවා වටහාගෙන රගපාන්න කාලයක් නැහැ. ඇතැම් විට මේ අය අතරින් පබාගේ චරිතය නිරූපනය කරන්නට හැකි අය ඇති ගඒ අත්හදා බැලීම් කරන්නට මා කැමැතිවුනේ නැහැ. නළු නිළියන් සම්බන්ධ අර්භූධය ඇත්තේ ඔවුන් තුළ නොවේ ගකර්මාන්තය තුළයි. එය නළු නිළියන්ගේ පමණක් නොව රටෙත් අවාසනාවක්.
ජැක්සන් ඇන්තනී තෝරා ගැනීමේ වාසිය කුමක් ද?
ජක්සන්  මා හදුනාගන්නේ ඔහු මීට පෙර සිනමාවේ කළ චරිත හරහායි. ගරිල්ලා මාකටින්, සූරිය අරණ, අග්නි දාහය, බවදුක- බව කර්ම මේවා ඔහු නිරූපණය කළ අතිවිශිෂ්ඨ චරිතග කුස හරහාත් මා බලාපොරොත්තුවන්නේ එබදුම වූ චරිත නිරූපණයයි. කුස ඉතා සංකීර්ණ චරිතයක්. ඔහු එය  සාර්ථකව කරණු ඇතැයි මා විශ්වාස කරනවා. ඔහුට එම චරිතයට පිවිසීමට ලැබී ඇති අතිරේක අත්වැලනම්, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ  උපාධිය සදහා පොතපත පරිශීලනයේදී කුස ජාතකය පදනම්කොට රචනා කළ මහා කව්සිළුමිණ නැමැතිශ්‍රේෂ්ඨ කාව්‍ය පරිශීලණය කොට තිබීමයි.

නිර්මාණ කණ්ඩායම ගැන කියන්න
පූජා -ජැක්සන්
කුස පියා        - රවීන්ද්‍ර රන්දෙණිය
කුස මව         -වීණා ජයකොඩි
පබාවතීගේ පියා - පාලිත සිල්වා
පබාවතීගේ මව  - කුසුම් රේණු
කුදී              - චාන්දනී සෙනෙවිරත්න
ජයම්පති         - රොෂාන් රණවන
මහේන්ද්‍ර පෙරේරා    -මහින්ද පතිරගේ
කැමරා අධ්‍යක්‍ෂණය  - චන්න දේශප‍්‍රිය
සංගීතය              - රෝහණ වීරසිංහ
කලා අධ්‍යක්‍ෂණය    - හීනටිගල පේ‍්‍රමදාස
සංස්කරණය         - රවීන්ද්‍ර ගුරුගේ
සහාය අධ්‍යක්‍ෂණය  - දමින්ද මඩවල
ගායනා            - කසුන් කල්හාර, උරේෂා රවිහාරී
                නිරෝෂා විරාජිනි, හර්ෂණ දිසානායකල
                එඞ්වඞ් ජයකොඩි
ගේය පද රචනා     - මහාචාර්ය සුනිල් ආරියරත්න
විදායක නිෂ්පාදනය - සෝමරත්න දිසානායක
රේඛීය නිෂ්පාදිකා   - රේණුකා බාලසූරිය
තිරපිටපත           - ආචාර්ය තිස්ස අබේසේකර
අධ්‍යක්‍ෂණය         - මහාචාර්ය  සුනිල් ආරියරත්න
නිෂ්පාදක කණ්ඩායම -  ධම්මික සිරිවර්ධන, එචි. ඞී පේ‍්‍රමසිරි, සුනිල් ටී ප‍්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන, ජනිත මාරසිංහ උදයකාන්ත වර්ණසූරිය, ආරියදාස පීරිස්, රසික ජයකොඩි, රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක
පිරිවැය ලක්‍ෂ 500 ට වැඩිය
රූගත කිරීම් - අගෝස්තු මස 01 වෙනි දින සිට දින 60කි
දර්ශන තල -  සිගිරිය සහ රන්මිණිතැන්න

1 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Hasitha Gunasinghe said...

ලංකාවේ බිහි කරන අනගිභවනීය සිනමා සිතුවමක් කියන්න පෙර මග ලකුණු මේ සිනමා පටයේ තියෙනවා

Post a Comment