ගණදෙවි හෑල්ල: නක්‍ෂත්‍ර යන්‍ත්‍ර මන්‍ත්‍ර ශාස්‍ත්‍ර බොහෝ පෙර සිට ම
ලක්දිව භාවිත විය. බුදුදහම අනුව දිවි පවත්වන අතර ම මෙලොව දියුණුව තකා
නක්‍ෂත්‍ර ශාස්‍ත්‍රාදිය ඔහු භාවිත කළහ. නකතට වැඩ ඇල්ලීම ඉතා පැරණි සිංහල
සිරිතෙකි. මුල් කාලයේදී අකුරු ඉගැන්වීමට ලක්දිව භාවිත වූ පොත් අසුවල්
ඒවායැයි තව ම හෙලි වී නැත. එහෙත් මෑත යුගයෙහි එයට සැකසුණු පොත් තව ම මද
වශයෙන් නමුදු භාවිත වේ. බමුණන්ගේ පුද පූජා ක්‍රම අනුව ගණදෙවි පිදුම
අධ්‍යයනාරම්‍භයෙහි කරනු ලැබේ. හෙළබසින් රැසැයුණු ගණදෙව් පුවත හා ගණදෙව්
තුතිය මඟුල් ලකුණින් පසුව පාඩම් පොතක් වශයෙන් භාවිත වූයේ එහෙයිනි. මෙහි
කර්‍තෘ කවරෙක් දැ යි සඳහන් නැත. 11 වැනි කවෙහි පැණෙන “වනා පරහල උමන්” යන
තැන පරහල යන්න පෘතුගීසි පරාල ශබ්‍දය ම හෙලබසට යොදාගත් සැටියෙකි. මෙයින්
පෘතුගීසි සමයෙන් (1592 න්) පසු කලක පහතරට කෙනකු විසින් මෙය රැසැයුණු බව
පෙනේ. “පරාල, බාල්ක” යන වචන උඩරට බාවිතයට අයේ බොහෝ මෑතක ය.
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර
*
ගණපති යාදින්න නිමි.
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර
ගණපති යාදින්න
1*
ආයුබෝ වන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාගන දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා
2
*ඉසුරු වරමින් යුතා
උමාගන දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා
2
ගැබැ කුමර හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා
3
*දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා
3
එදොළ සංසිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා
4
*එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා
4
නවසඳෙව් රුවිනිතා
දසඑකඩ මස වෙතා
විලිරදය පහරිතා
ගුරුදිනේ බිහිවෙතා
5
*දසඑකඩ මස වෙතා
විලිරදය පහරිතා
ගුරුදිනේ බිහිවෙතා
5
රේවතිය මෙ නකතා
කඳකුමරු නම ලතා
ඔවුන් පුත් ගණපතා
ඔහුට තෙද බල ඇතා
6
*කඳකුමරු නම ලතා
ඔවුන් පුත් ගණපතා
ඔහුට තෙද බල ඇතා
6
තෙද නුවණ විකුමැතා
රකුසනට බලවතා
නරයනට සිරි දෙතා
සුරිඳුනට අගපතා
7
*රකුසනට බලවතා
නරයනට සිරි දෙතා
සුරිඳුනට අගපතා
7
එ සිවුසැට සිල්පයට
වැඩි සිල්ප දසට රට
නිපුණ කරවන ලෙසට
මෙ වැනි ගණදෙවිඳු හට
8
*වැඩි සිල්ප දසට රට
නිපුණ කරවන ලෙසට
මෙ වැනි ගණදෙවිඳු හට
8
වැඩ ඉන්න නිසි ලෙසට
මාලිගාවක් සොඳට
කරවන්න නියම කොට
ගණිත ඇදුරකු ළඟට
9
*මාලිගාවක් සොඳට
කරවන්න නියම කොට
ගණිත ඇදුරකු ළඟට
9
යවා පණිවිඩ එවිට
ගෙන්නවා එ නුවරට
බිමක් බලවා සොඳට
එ බිම සමකැරැ සතුට
10
*ගෙන්නවා එ නුවරට
බිමක් බලවා සොඳට
එ බිම සමකැරැ සතුට
10
ඇදුරුවරු එතැන සිට
කපා කප් සොඳ රඟට
ආවඩා දෙපස සිට
මගුල් කපගෙන අතට
11
*කපා කප් සොඳ රඟට
ආවඩා දෙපස සිට
මගුල් කපගෙන අතට
11
වඩ වඩා සෙනෙහසින්
මගුල් කප සිටුවමින්
දමා යට තලාදින්
වනා පරහල උමන්
12
*මගුල් කප සිටුවමින්
දමා යට තලාදින්
වනා පරහල උමන්
12
*
බිත්ති මැටි පද ලමින්
සුණුපදම් ලා ඔපින්
මකර රුව හංසයන්
ගවර දිවි සිංහයන්
14
*සුණුපදම් ලා ඔපින්
මකර රුව හංසයන්
ගවර දිවි සිංහයන්
14
මොනරු හා ගිරවනුත්
කොබෙය්යන් කුකුළනුත්
පරෙවි සොඳ කොවුලනුත්
ඇඳ බිත්තිවල මෙ සිත්
15
*කොබෙය්යන් කුකුළනුත්
පරෙවි සොඳ කොවුලනුත්
ඇඳ බිත්තිවල මෙ සිත්
15
සිත්තරකු ගෙන්වනා
ආසනේ තනමිනා
උඩුවියන් බඳිමිනා
වටතිර ද අදිමිනා
16
*ආසනේ තනමිනා
උඩුවියන් බඳිමිනා
වටතිර ද අදිමිනා
16
සේර අඩි තනමිනා
වලුමල් ද බඳිමිනා
නොයෙක් රුවනින් මනා
සඳුන් මණ්ඩප තනා
17
*වලුමල් ද බඳිමිනා
නොයෙක් රුවනින් මනා
සඳුන් මණ්ඩප තනා
17
දෙවි රුවක් තනමිනා
සොඬ තලු ද මුක තනා
ඉස ඔටුනු දරමිනා
ගජතකුගෙ හිස මෙනා
18
*සොඬ තලු ද මුක තනා
ඉස ඔටුනු දරමිනා
ගජතකුගෙ හිස මෙනා
18
දෙ දළ කන්තල තනා
නළල අඩසඳ මෙනා
දෙබැම දේදුනු මෙනා
රුවින් සඳසේ මනා
19
*නළල අඩසඳ මෙනා
දෙබැම දේදුනු මෙනා
රුවින් සඳසේ මනා
19
නුවන් නිලුපුල් මෙනා
දෙතොල දළ පබලිනා
ගහණ රන් අකුසෙනා
මුකය රත් පියුමෙනා
20
*දෙතොල දළ පබලිනා
ගහණ රන් අකුසෙනා
මුකය රත් පියුමෙනා
20
සවන් දෙක දිළිසෙනා
දෙවුර රන් තොරණිනා
දෑත් දිළි ගනරනා
ඇඟිලි රන් පළු මෙනා
21
*දෙවුර රන් තොරණිනා
දෑත් දිළි ගනරනා
ඇඟිලි රන් පළු මෙනා
21
පිට ද රන් පලසිනා
ළමැද පිට බබළනා
දෙ තන රන් කුඹු මෙනා
උදර කළසක් මෙනා
22
*ළමැද පිට බබළනා
දෙ තන රන් කුඹු මෙනා
උදර කළසක් මෙනා
22
සිහිනිඟද බබළනා
ඉඟට සළු බරණිනා
වටොර රඹකඳ මෙනා
දෙදන රන් බුබුලෙනා
23
*ඉඟට සළු බරණිනා
වටොර රඹකඳ මෙනා
දෙදන රන් බුබුලෙනා
23
කෙංඩ දුනු කැකුලෙනා
පතුල් පියුමක් මෙනා
ළමැද රන් පාටිනා
විසි නිය ද බබලනා
24
*පතුල් පියුමක් මෙනා
ළමැද රන් පාටිනා
විසි නිය ද බබලනා
24
සුරිඳු රජ විලසිනා
දෙවිරුව ද බබළනා
ආසනේ ඉඳුවනා
බලා සුබ මොහොතිනා
25
*දෙවිරුව ද බබළනා
ආසනේ ඉඳුවනා
බලා සුබ මොහොතිනා
25
පහන් දුම් මල් ගෙනා
සුවඳ සඳුනෙන් තනා
ඇමතිවරු සිටගෙනා
පල්ලි නම් තබමිනා
26
*සුවඳ සඳුනෙන් තනා
ඇමතිවරු සිටගෙනා
පල්ලි නම් තබමිනා
26
අග්ගලා කොමලිනා
තලකැරලි විලඳිනා
මල් කැවුම් රොටියෙනා
වෙල්ලවැසුමුත් තනා
27
*තලකැරලි විලඳිනා
මල් කැවුම් රොටියෙනා
වෙල්ලවැසුමුත් තනා
27
පුලුප් බෝජන තනා
ලාලුයක් පැටියෙනා
කිරි උංඩ පූ තනා
අත්සුණු ද ඉසිමිනා
28
*ලාලුයක් පැටියෙනා
කිරි උංඩ පූ තනා
අත්සුණු ද ඉසිමිනා
28
මොර හිඹුටු දම් පනා
අඹ දඹ ද ඇටඹිනා
පලු වීර ඩෙබරිනා
කදලි විලිකුම් මනා
29
*අඹ දඹ ද ඇටඹිනා
පලු වීර ඩෙබරිනා
කදලි විලිකුම් මනා
29
උක් සකුරු රස තනා
වැලද වරකා ගෙනා
දීකිරි ද වෙඬුරෙනා
මෙසේ බෝජන තනා
30
*වැලද වරකා ගෙනා
දීකිරි ද වෙඬුරෙනා
මෙසේ බෝජන තනා
30
මෙවැනි ගණදෙවිඳු හට
රන් කෙංඩියක් අතට
රන්තලිය තබා සිට
මුව සුද්ද කැර එවිට
31
*රන් කෙංඩියක් අතට
රන්තලිය තබා සිට
මුව සුද්ද කැර එවිට
31
වළඳවා සතුටු කොට
කපුරු බුලතුත් සොඳට
සිත් සමා කැර එවිට
උදහසක් නොවී මට
32
*කපුරු බුලතුත් සොඳට
සිත් සමා කැර එවිට
උදහසක් නොවී මට
32
අදහසක් ඇතුව සිට
අවසරය දෙන් මෙ මට
පින් සිද්ද වෙයි ඔබට
දෙවන් සිල්පය මෙ මට
33
*අවසරය දෙන් මෙ මට
පින් සිද්ද වෙයි ඔබට
දෙවන් සිල්පය මෙ මට
33
ගෙන්වා ගුරු ඇදුරු
පය සෝදවා එගුරු
වතක් අඳවා සොඳුරු
උසෙක ඉඳවා මහරු
34
*පය සෝදවා එගුරු
වතක් අඳවා සොඳුරු
උසෙක ඉඳවා මහරු
34
තනා පස් රස මියුරු
කුසුම් සැම ඇඟ තැවරු
දෙවා බුලතුත් කපුරු
නමා හිස දෙපය ගුරු
35
*කුසුම් සැම ඇඟ තැවරු
දෙවා බුලතුත් කපුරු
නමා හිස දෙපය ගුරු
35
ගුරුන් දෙස බලමිනේ
වැඳ වැටී එම දෙනේ
අවසරය ඇරගෙනේ
දැකුම් දී දකිමිනේ
36
*වැඳ වැටී එම දෙනේ
අවසරය ඇරගෙනේ
දැකුම් දී දකිමිනේ
36
සෝඩිය ද ගෙනතිනේ
කියා සිත් ලෙස දැනේ
පිල්ලම් ද කියමිනේ
වැල්ලේ ද ලියමිනේ
37
*කියා සිත් ලෙස දැනේ
පිල්ලම් ද කියමිනේ
වැල්ලේ ද ලියමිනේ
37
නම් ගමුත් කියමිනේ
සැහැලි පොත් කියමිනේ
වදන්කවි කියමිනේ
බුද්දගජ්ජය දැනේ
38
*සැහැලි පොත් කියමිනේ
වදන්කවි කියමිනේ
බුද්දගජ්ජය දැනේ
38
එ පස් වා මෙ පස්වා!
දහස් කල් රකීවා!
දිනේ මතු දිනේවා!
දිනේවා දිනේවා!
දහස් කල් රකීවා!
දිනේ මතු දිනේවා!
දිනේවා දිනේවා!
ගණපති යාදින්න නිමි.
ගණදෙවි හෑල්ල
39*
ගණපති දෙති නුවණ
මිහිකත රකියි මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි මේ දේවගණ
40
*මිහිකත රකියි මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි මේ දේවගණ
40
ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්
41
*නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්
41
පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
42
*සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
42
ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න
43
*සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න
43
සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා
44
*පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා
44
ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා
45
*ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා
45
චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා
46
*චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා
46
නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා
47
*සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා
47
ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා
48
*අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා
48
ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා
49
*ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා
49
ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්
ගණදෙවි හෑල්ල නිමි.මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්
0 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:
Post a Comment