10/31/2011

’රා වන්’ ලොවපුරා යයි

’රා වන්’ ලොවපුරා යයි


ඊ-තැපැලමුද්‍රණයපී.ඩී.එෆ් (PDF)
දීපවාලි උත්සව සමයේදී තිරගත වන බොලිවුඞ් සුපිරි නළු ශාරුක් ඛාන් ගේ රා වන් චිත‍්‍රපටිය අද (26) සිට ලොව පුරා සිනමාහල් 5,000ක තිරගත වීමට නියමිතය.
ඉන්දියාවේ සිනමාහල් 3,500ක හා ඩුබායි, ලන්ඩනය ඇතුළු විවධ රටවල සිනමාහල් 1,500ක තිරගත වන මෙය, මේ දක්වා වඩාත් පුළුල් ම ලෙස තිරගත වූ බොලිවුඩ් චිත‍්‍රපටිය ලෙස නම් වේ.

මෙම චිත‍්‍රපටය 2D හා 3D ලෙසද තිරගත වීමට නියමිතය.

මේ වන විට සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ගේ සහභාගීත්වයෙන් නිමවුනු චමක් චලෝ හා කි‍්‍රමිනල් යන මෙම චිත‍්‍රපටියේ ගීත ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.
 

0 ඔබගේ අදහස් අපට බොහෝ වටිනවා.කමේන්ට් එකක් දාන්න:

Post a Comment